|
පුශ්පලාල් පෙරේරා 2017 දෙසැම්බර් 24 (මුහුණු පොත) තමනට රුචි, තමුන් කැමති, විෂය ක්ෂේත්‍රය තුල නිරත වෙමින්, හදාරමින් සහ ප්‍රායොගිකව නියලෙමින් තොරතුරු රස තැන් විමසමින්, සිංහල සිනමාවත් ගීතයත් පිළිබඳව පරිපාකයට පැමිණි ප්‍රාමාණික උගතෙකු, බුද්ධිමතෙකු විමසන කවරම වූ රසිකයෙකුගේ හෝ විද්‍යාර්ථයකුගේ අද දවසේ මනසට එක්වරම නැගෙන විශිෂ්ඨයන් දෙදෙනෙකු පිළිබඳව මට අනුමාන කළ හැක. පළමුවැන්නා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය.දෙවැන්නා ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා විය යුතුය. ව්‍යුත්පත්තිය සහ වාසනා ගුණය ජන්ම ලාබයක් ලෙස ලද නුවන් නයනජිත්ව සමීපව ඇසුරු නොකල අප වැන්නන් හට ඔහු පිළිබඳව හෝඩුවාවක්, ඔහු සතත අභ්‍යාසයේ නිරත වන මාධ්‍යය භාවිතය තුලින් ලද හැක. අද දවසේ ඔහු විසින් සම්පාදනය කරන ලද අභිනව ශාසත්‍රීය ග්‍රන්ථය පිළිබඳ සුභාරංචිය මුහුණු පොත ඔස්සේ ඔහු විසින්ම අප වෙත ගෙනවිත් ඇත. නුවන් නයණජිත් කුමාර මහතා පහුගිය වකවානුව තුල විවිධ පුවත් පත්වලට ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන, සහ රසික සහෘද ප්‍රිය සම්භාෂණ වල කරන ලද දේශණ අසා දැක පුරුදු අප හට, මෙම කෘතිය බුද්ධියේ සහ රසිකත්වයේ නිම්වලලු පුළුල් කරන්නක් බව මල්ල නොලියහම, ඔබා බැලීමකින්ද තොරව නිගමනය හැක. විශිෂ්ඨ කලා කෘති රස විඳීමට නම් රසිකත්වය පුහුණු කල යුතුය. එය ඔපපාතික තත්වයක් නොවෙන අතර, උසස් කෘති ඇසුරු කිරීමට පහසුකම් සපයාදීමෙන් හා ඒවායේ රසභාවයන් හඳුනා ගැනීමට මග හසර කියාදීමෙන් පමණක් ඉහල රසිකත්වය සහිත සමාජයක් රට තුල ගොඩනැගිය හැක. එවිට කලා නිර්මාන නමින් ඉදිරිපත් කරන අවර ගනයේ බහුරූ කෝලම් මෙන්ම දුර්වල පුද්ගල පෞර්ෂයන් ගෙන් ද තොර සංවෙදී සමාජයක් ගොඩ නැගෙනු ඇත. මුදල මත එකා අනිකාගේ ඇඳිවත පවා විකුණමින් වැඩෙන සමාජයක මුදල් ඉපයීමට දහසකුත් දේ කල හැකිව තිබියදී එයින් බැහැරව මෙම සද්කාර්යට දායකවීමට කරන ලද කැපවීම සම්බන්ධයෙන් යහපත් හෙටක් පතනා ඔබත් මමත් නැවත නැවත නුවන් නයනජිත් කුමාර මහතාට කෘතඥ වියයුතුය. ගස කුසුම් හටගැන්වූ කල සුළඟ එහි සුවඳ ගෙනයන්නාක් මෙන් ....හෙට දවසේ කෘතියේ අන්තර්ගතය ගැන විචාරක කථිකාවතක් ගොඩනැගෙනු ඇත. ඒ පිළිබඳ බලා පොරොත්තු තබමින් මෙම යහපත් උත්සාහයට නුවන්ට සුබ පතමි. |