|
ගීත |
![]() |
ආයුබෝවන් ආයුබෝවන්
නුවන් ගීත ගායනයට ප්‍රවිෂ්ට වූයේ මේ ළමා ගීතය ජාතික ගුවන් විදුලියෙහි ළමා පිටියෙහි වැඩසටහනකට ගායනා කිරීමෙනි. සහය ගායනයෙන් එක් වූයේ ඔහුගේ ඥාති සොහොයුරියක වන බුද්ධිනී චතුමධුරිය.
ගේය පද - ගාමිණි චන්ද්‍රතිලක පනාපිටිය සංගීත අධ්‍යක්ෂණය - විශාරද නීලා වික්‍රමසිංහ වැඩසටහන නිෂ්පාදනය - රෝහණ සිරිවර්ධන
1987 දෙසැම්බර් 22 වැනිදා මේ ගීතය පටිගත කළ අතර, මුල්වරට ගුවන් ව්දුලියේ ප්‍රචාරය වූයේ 1988 ජනවාරි 16 වැනිදාය.
එවකට නුවන් 11 හැවිරිදි වියෙහි පසුවියි. |
|
සොඳුරු ලොවද
පළමුවෙන්ම ටෙලි නාට්‍යයකට නුවන් විසින් ගැයූ ගීතය මෙයයි. "හිමිනැති වසන්තය" නම් වූ එම ටෙලි නාට්‍යයේ ඔහුද චරිතයක් නිරූපණය කළ අතර, 1995 දී මෙ ගීතය පටිගත කෙරිණි. එම අවස්ථාව ඔහුට ලබා දෙන ලද්දේ ශාන්ත විජේතිලකයන් විසිනි.
ගේය පද - සරත් ගුණරත්න සංගීතය - කාලෝ විජෙසිරි පටිගත කිරීම - මර්වින් බෙන්ස් |
|
ආ මඟ කෙටියි
1997 දී නුවන්ගේ ආදරණීය මෑණියන්ගේ "අවාරේ පිපී" ගීත එකතුවට ඇය සමඟ ගැයූ ගීතයකි.
ගේය පද - කුලරත්න ආරියවංශ සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ |
|
මොනරකුඩුම්බිය මල්
ප්‍රේමය සහ විරහව තේමා කොට ගත් මේ ගීතය, නුවන් 1999 දී ගැයූ ගීතයකි.
ගේය පද - බන්දුල නානායක්කාරවසම් සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ |
|
පුතුගෙ මුහුණ
1999 දී ඔහුගේ ආදරණීය මෑණියන් සමඟ ගැයූ මෙම යුග ගීතය ඇගේ "ළා සඳ පායා" සංයුක්ත තැටියේ ගීත එකතුවට ඇතුළත් වූවකි.
ගේය පද - බුද්ධංගල ආනන්ද හිමි (පෙර බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර) සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
නුවන් සහ ඔහුගේ මව මින් ඉහත ගැයූ “ආ මඟ කෙටියි” ගීතයට අතිශයින් ප්‍රියකළ බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර මව සහ පුතු අතර සංවාදයක ස්වරූපයෙන් ගීතයක් රචනා කිරීමෙ අශාවෙන් පසුවිය. ඒ අනුව නුවන්ට සහ ඔහුගේ මවට ගායනා කිරීමට මේ ගීතය ලියා දුන්නේය. මෙහි තේමාව වන්නේ, තමන්ට ගැළපෙන බිරියක් සොයාගන්නේ කෙසේදැයි පුතෙකු මවකගෙන් අසන සංවාදත්මක ස්වරූපයයි. |
|
හීන අහුරු
වසර 2000 දී පටිගත කෙරුණු මේ තේමා ගීතය සිරස නාලිකාවේ විකාශය වූ "ෆැන්ටසි ඇවිනිව්" ටෙලි නාට්යයට අතුළත් වූවකි. මෙය ඔහුත් කිත්සිරි ජයසේකරත්, නවරත්න ගමගේත්, ඉන්දිකා උපමාලිත් එක්ව ගැයූහ.
ගේය පද - කාවින්ද්‍යා ජයසේකර සංගීතය - නවරත්න ගමගේ මෙම ටෙලි නාට්‍යය සෙනේෂ් දිසානායක බණ්ඩාර විසින් අධ්‍යක්ෂණය කරන ලදී. |
|
රිදී රත්තරන්
මෙ ප්‍රේම ගීතය ඔහු විසින් 2002 වසරේදී ගායනා කරන ලද්දකි. මේ ගීතය 2004 වසරේදී එළි දුටු "ළා සඳ පායා" සංගීත තැටියට ඇතුළත් වූවකි.
ගේය පද - සමුද්‍රා වෙත්තසිංහ සංගීතය - ආචාර්ය රොහණ වීරසිංහ |
|
වෙනස් නොවනා
මේ විරහ ගීතය ඔහු විසින් 2002 දී ගායනා කරන ලද්දකි. මෙය 2007 එළි දුටු "ළා සඳ පායා" සංයුක්ත තැටියට ඇතුළත් වූවකි.
ගේය පද - රවි සිරිවර්ධන සංගීතය - ආචාර්ය රොහණ වීරසිංහ |
