With Dr Lester james peiris
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ. 'ලෙස්ටර් විරචිත ලේඛන සංහිතා' එළිදැක්වීමේදී
With Gamini Fonseka
'සෙනෙහසේ නවාතැන' රූගත කිරීම් අතරතුර මහා සිනමා නළු ගාමිණී ෆොන්සේකා සමඟ
With Wijaya Kumarathunga
වයස අවුරුදු 10 දී සදා අමරණීය නළු විජය කුමාරතුංග සමඟ
Ph.D Awarding
පණ්ඩිත් අමරදේව මහතා අතින් ආචාර්ය උපාධිය ලබාගත් අවස්ථාව
With Professor Ediriweera Sarachchandra
එදිරිවීර සරච්චන්ද්‍ර මහතා අතින් ආනන්ද විද්‍යාලයීය නිර්මාණ පද්ම සම්මානය ලබාගත් අවස්ථාව
With Professor Ediriweera Sarachchandra
සිරිල් බී. පෙරේරා අනුස්මරණ සිග්නිස් ඕ.සී.අයි.සී. හොඳම විචාරක සම්මානය ලබාගත් මතකයන්

 

ප්‍රවීණ ලේඛක, ගත්කතුවර, කලා විචාරක, කථිකාචාර්ය, මාධ්‍යවේදී, ගායන ශිල්පී ලාංකේය විශ්වවිද්‍යාලයකින් සිනාමාව විෂයට ආචාර්ය උපාධිය ලැබූ පළමු වැන්නා ලෙස ඉතිහාස ගත වන ඔහු කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ලියපදිංචි වී පර්යේෂණ නිබන්ධයක් ඉදිරිපත්කොට දර්ශණශූරී හෙවත් ආචාර්ය උපාධිය (Ph.d) ලබාගත් එම විශ්වවිද්‍යාලයේ පළමු වැන්නා ලෙසත් ඉතිහාස ගත වෙයි.

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවෙදී උපාධියත් (B.A.), එම විශ්වවිද්‍යාලයෙන්ම ලේඛකත්ව හා සන්නිවේදන පශ්චාද් උපාධි ඩිප්ලෝමාවත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවෙදන විෂය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ඔහු දිනාගෙන ඇත.

නව පොත්
Event Event

විශේෂිත පොත්